දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වීමෙන් අනතුරුව තමන්ට නියම කරනු ලැබූ බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා විසින් අභියාචනාධිකරණයට ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබේ.
නීතිඥ රන්ජන් ද සිල්වා මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී තිබෙනවා.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර ලබා ගැනීම මඟින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනුකර තිබුණි.
එම නඩු විභාග කිරීමෙන් අනතුරුව විත්තිකාර සරණ ගුණවර්ධන මහතා අදාළ චෝදනාවලට වරදකරු කෙරුණු අතර ඔහුට එක් නඩුවකට බරපතළ වැඩසහිත වසර හතර බැගින් සිරදඬුවම් නියම කෙරුණි.
ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කරනු ලැබීය.
එම සිරදඬුවමෙන් සහ දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සරණ ගුණවර්ධන මහතා විසින් අභියාචනාධිකරණය වෙත මෙම ඇපැල් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

සමාජ මාධ්‍ය කැළඹූ දන්සල් පොළිමේ පහරදීමේ සිද්ධියට අදාළ සිඟිති පාතාලේ 5ක් කොටු
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි! 14ක් ජීවිතක්ෂයට!
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට නව මුහුණක්
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
මල් නෙලීමට ඔරුවකින් ගිය පාසල් සිසුන් සිව් දෙනෙක් වනාතවිල්ලුව මංගලපුර කලපුවේ ගිලී ජීවිතක්ෂයට
යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ
වෙනිසියුලා භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි
NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
MR කොත්තු හිමිකරුට ඇප හිමිවෙයි
ජානක පෙරේරා ඝාතකයන්ට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි