2008 වසරේදී අනුරාධපුර ප්‍රදේශයේ පැවැති දේශපාලන රැස්වීමක් අතරතුර එල්.ටී.ටී.ඊ (LTTE) මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලවා විශ්‍රාමික මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා, ඔහුගේ බිරිඳ වජිරා පෙරේරා මහත්මිය ඇතුළු 31 දෙනෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට සහ ආධාර අනුබල දීමට වරදකරු වූ විත්තිකරුගේ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම වෙනස් කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
අනුරාධපුර මහාධිකරණය විසින් තමන්ට ලබා දුන් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම ලිහිල් කරන ලෙස හෝ ඉන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙකු වූ ‘උමාර් හබ්තාබ්’ නැමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම විශේෂ අභියාචන පෙත්සම යොමු කර තිබුණි.
මෙම විශේෂ අභියාචන පෙත්සම දීර්ඝ ලෙස සලකා බැලීම සහ සාක්ෂි විභාග කිරීම සිදුකරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.
මහාධිකරණය විසින් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් වූ අධිචෝදනා 48න් 31කටම ඔහු ඍජුවම වරදකරු බවට නිවැරදි සාක්ෂි මත පිහිටා තීන්දු කර ඇති බව නිරීක්ෂණය කළ විනිසුරු මඩුල්ල, මහාධිකරණයේ එම මුල් තීන්දුව නීත්‍යානුකූල සහ නිවැරදි බව පෙන්වා දුන්නේය. ඒ අනුව පෙත්සම්කරුගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහු තවදුරටත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිය යුතු බවට නියෝග කළේය.

NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
MR කොත්තු හිමිකරුට ඇප හිමිවෙයි
හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන ගත් තීරණයක්
Whatsapp අලුත් වෙයි! ඔබේ දුරකථන අංකය වෙනත් අයගෙන් සඟවන්නට අවස්ථාවක්!
MR. කොත්තු අත්අඩංගුවට
අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
වෙනිසියුලා භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?