දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීනියන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සැකකාරිය ලක්‍ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුද හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය.
ඊට අමතරව ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කරනු ලැබීය.
ඇප තැබීමෙන් පසුව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වලකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට අවවාද කළේය.

MR කොත්තු හිමිකරුට ඇප හිමිවෙයි
ජානක පෙරේරා ඝාතකයන්ට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට
නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන ගත් තීරණයක්
Whatsapp අලුත් වෙයි! ඔබේ දුරකථන අංකය වෙනත් අයගෙන් සඟවන්නට අවස්ථාවක්!
MR. කොත්තු අත්අඩංගුවට
අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
වෙනිසියුලා භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?