හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම නිවේදනය කළේ, 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බවය.
එම චෝදනා සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද (03) පෙරවරු 10.05ට පමණ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් කොමිෂන් සභා පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහට අධිකරණයෙන් අද දුන් නියෝගය
නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි! එක් එක් ගාස්තුවෙහි සිදුවන වෙනස මෙන්න!
රේගුවෙන් වාර්තාගත ආදායමක්
යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් උසාවියෙන් විසිකරලා
සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ 43ක් වංචා කළ 23 හැවිරිදි සැකකරුවෙක් දැලේ
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
අද අව් – වැසි තත්ත්වය
ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්
කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
සලේ CIDයට මුරපද නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි
අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට