ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව හිස පැළඳීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය. ඒ ඊයේ (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක අවසන් මහා තරගයේදී ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමිනි.
මෙම ජයග්‍රහණයත් සමඟ ගෝල් කණ්ඩායමට LPL තරගාවලි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශූරයන් ලෙස කිරුළු පැලඳීමේ අවස්ථාව උදාවිය. මීට පෙර අවස්ථා 3කදී ඔවුන් අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා තිබුණ ද, ඒ සෑම අවස්ථාවකදීම අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 123ක් පමණි.
අනතුරුව ලකුණු 124ක පහසු ඉලක්කයක් හඹාගිය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම, පන්දුවාර 15.5ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 126ක් රැස්කරමින් තරගයේ විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළේය.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්