දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙතින් පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 348.6ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බව වාර්තා වේ. 2026 පෙබරවාරි මාසය තුළ දී මහ බැංකුව විසින් ඩොලර් මිලියන 461ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන තිබුණු අතර ඉන් පසු ඉහළම ඩොලර් මිල දී ගැනීමක් සිදුකළ මාසය ලෙසින් පසුගිය ජූලි මාසය සැලකිය හැකි වේ.
මේ සමඟම වසරේ මුල් මාස 07 තුළ දී මහ බැංකුව මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 1,331ක් වේ. තවද මෙම වකවානුව තුළ දී මහ බැංකුව වෙළෙඳපොළ වෙත ඩොලර් මිලියන 426ක් අලෙවි කර ඇත.
ඒ අනුව 2026 ජනවාරි – ජූලි කාලපරිච්ඡේදය තුළ දී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශුද්ධ වශයෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 905ක් වේ.
මේ අතර 2026 ජූලි මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 6,591ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. 2026 ජූනි මාසය අවසන් වන විට මෙම අගය සඳහන් වූයේ ඩොලර් මිලියන 6,458ක් ලෙසිනි.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්