ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට දකුණත් දඟපන්දු යවන්නෙකු වන කේශර නුවත්ත සමත්විය.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ටි වරම් හිමිකරගත් 171වැනි ක්‍රීඩකයා වේ.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය සඳහා කමිඳු මෙන්ඩිස් නම් කර තිබේ.
එමෙන්ම කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නැවතත් සංචිතයට කැඳවා ඇති අතර, ඔහු පසුගිය 2023 වසරේ මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර නොතිබුණි.


හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්