ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ත්‍රස්ත සංවිධාන සමග ගණුදෙනු කර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් පවසනවා.
ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි ශිරාන් බාසික් ගෙන් මේ වන විට පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙන්නේ.
ශිරාන් බාසික් පෙරේදා රාත්‍රියේ අබුඩාබි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබූ අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී තිබුණා.
48 හැවිරිදි මොහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙරටට මත්ද්‍රව්‍ය සපයන මහා පරිමාණ ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් ඩුබායිහි සැඟව සිටියදී පසුගිය මැයි 26 වැනිදා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට රතු නිවේදන නිකුත් කර තිබූ පසුබිමකයි.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්