Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිරාන් බාසික් සමඟ මුදල් ගනුදෙනු කළ බවට පළවන ප්‍රචාරවලට පියුමි හංසමාලිගෙන් ප්‍රතිචාර

5 hours ago

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා සමඟ මුදල් ගනුදෙනු සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාර සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් (Facebook) ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබේ.

ශිරාන් බාසික් නැමැති පුද්ගලයා තමන් කිසිදු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවත්, තමන් සතුව ඇත්තේ තමන් විසින්ම මහන්සි වී උපයාගත් මුදල් පමණක් බවත් ඇය අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෝ වෙනත් බාහිර පුද්ගලයන්ගේ මුදල් තමන් සතුව නොමැති බව පැවසූ ඇය, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන්නේ අසත්‍ය ප්‍රචාර බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පසුගිය අගෝස්තු 14 වනදා මෙරටට රැගෙන එනු ලැබීය. එහිදී කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ගුවන්තොටුපළ ඒකකය මඟින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

මූලික ප්‍රශ්න කිරීම්වලින් පසුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති අතර, ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාළ කාර්යාංශය පියවර ගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *