ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සහ ඊට සහාය පළ කරමින් ගොනුකර ඇති පෙත්සම් දෙවන දිනටත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ(02) විභාග විය.
මෙහිදී පෙත්සම්කාර බලංගොඩ කස්සප හිමියන් සූත්‍ර පිටකය ඇසුරින් කරුණු දැක්වීමට උත්සාහ කළ අතර, ධර්ම කරුණුවලට වඩා නීතිමය පදනම මත කරුණු දක්වන ලෙස අගවිනිසුරුවරයා උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය.
එහිදී පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බලංගොඩ කස්සප භික්ෂුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් “යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා. 107(5) ව්‍යවස්ථාව නීතියක් බවට පත් කළේ මෙරට ජනතාව. එමනිසා එම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණයි. මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට රජය වෙත පනවා තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වෙනවා” යනුවෙන් කරුණු දැක්වූ කස්සප භික්ෂුව සුත්‍ර පිටකය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීම සිදුකළේය.
ඒ අවස්ථාවේදී කස්සප භික්ෂුව ඇමතූ අගවිනිසුරුවරයා “සමාවෙන්න ස්වාමීන් වහන්ස… මට ඔබවහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොමද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතියයි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න” යනුවෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව මෙම කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන ඔස්සේ කරුණු දක්වන බව කස්සප භික්ෂුව ප්‍රකාශ කළේය.

ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල
ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු කුරුණෑගලින්
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ