ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමඟින් පවතින වැසි සහිත කාලගුණයේ බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේවෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකිය.
මීට අමතරව, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
නාමල් රාජපක්ෂ අද අධිකරණයට
සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි
ඩෙංගු නැවතත් හිස එසවීමේ අවදානමක්
හෙල්ල 5කට හානිවීම ගැන රුමේෂ්ගේ පියා හඬ අවදි කරයි
රොහාන් ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
මෙරට ආර්ථික වර්ධනය ගැන ඇසෙන අලුත්ම පුවත
පාසල් සිසුන් දෙදෙනෙක් බිලිගත් දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය
දුම්රිය සේවයට තවත් එන්ජින් රියදුරු සහායකයින් 100 ක් බඳවා ගැනේ
හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්