2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුවට අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් නියෝග කළා.
මෙම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මහජනතාවට සහ රථවාහන ගමනාගමනයට බාධා වන අයුරින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මොවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්