Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

1 day ago

සෞදි අරාබියේදී ම#ණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී අදාළ තරුණයා බේරාගැනීම වෙනුවෙන් මේ වන විට ගෙන ඇති පියවර මෙන්ම ඉදිරියේදී ගත හැකි නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සෞදි අරාබියේ අදාළ බලධාරීන් සමඟ අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදු කරමින් ඉදිරි කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් රජයේ අවධානය යොමුව ඇති අතර, අදාළ අමාත්‍යාංශ සහ ආයතන අතර සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නීතිපති පාරින්ද රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *