පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වරදකරුවන් කෙරුණු 15 දෙනාට වසර 200කට අධික බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබේ.
එමෙන්ම එම වරදකරුවන් සතු සියලු නිශ්චල, චංචල දේපොළ රාජසන්තක කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළේය.
වැරදිකරුවන් වූ විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240 බැගින් සහ තවත් එක් විත්තිකරුවෙකුට වසර 260ක බරපතළ සිරදඬුවම් නියම කර තිබේ.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.
අදාළ නඩුකරය ඒ. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විභාගයට ගැනුණි.
අදාළ විත්තිකරුවන් 24 දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් බවට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීරණය කළේය.
මෙලෙස වැරදිකරුවන් ලෙස නම් කර දඬුවම් පමුණුවනු ලැබුවේ මොහොමඩ් ඉබ්රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ හෙවත් අබු හාදික්, හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් හෙවත් අබු සිල්ලා, මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමාර්, මොහොමඩ් ඉබ්රාහිම් අබ්දුල් හක් හෙවත් අබු ෆලා, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් හෙවත් අබු තාරික්, මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනාස්දීන් හෙවත් අබු මිසාන්, අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස්, මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි හෙවත් සාෆි මවුලවි, හුසේනුල් රිස්වි මොහොමඩ් කාහිර් සමීර්, මොහොමඩ් හනීෆා සයිනුල් ආබ්දීන් හෙවත් අබු හිනා, මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් හෙවත් අබු නන්ජියාර්, රාසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජස්මින් යන අයයි.
එමෙන්ම මොහොමඩ් සහීර් මොහොමඩ් හසන් හෙවත් අබු ඩාවුඩ්, මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් හෙවත් අබු, රෂීඩ් මොහොමඩ් ඉබ්රාහිම්, සයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්, මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන්, මීරා සාහිබ් මොහොමඩ් නෆ්ලි හෙවත් අබු සනා, මොහොමඩ් අමීර් මොහොමඩ් අයාතුල්ලා, මොහොමඩ් අන්සාර්දීන් මොහොමඩ් ඉල්මි, මොහොමඩ් අක්රම් අහක්කම් යන සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.
චෝදනා එල්ල වී සිටි යාසින් බාවා අබ්දුල් රවුෆ් නමැත්තා නඩු විභාගය අතරතුර බන්ධනාගාර භාරයේදී මියගොස් තිබේ.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව අදාළ නඩුව නීතිපතිවරයා විසින් පවරා තිබුණි.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ මෙම නඩුව සඳහා පැමිණිලිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබා දෙනු ලැබීය.
මෙම නඩුකරයේ විත්තිකරුවන් 15 දෙනා වැරදිකරුවන් බවට පත්කිරීමේ නියෝගය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද පස්වරුවේ ලබාදුනි.
වරදකරුවන් බවට නම් කෙරුණු 15 දෙනා හට දඬුවම් නියම කිරීම ඊයේ රාත්‍රී 10.30 පමණ සිදුවිය.

අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!