ලංකා බැංකුවේ ඩිජිටල් බැංකු පහසුකම් හරහා සිදුකළ ඇතැම් ගිණුම් ගනුදෙනු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා පිළිබඳව ලංකා බැංකුව (BOC) පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
එම ගනුදෙනු බැංකුවේ බැංකු පද්ධති හෝ ඩිජිටල් බැංකු යෙදුමට සිදුවූ කිසියම් අනවසර ඇතුළුවීමක්, ආරක්ෂක බිඳවැටීමක් හෝ පද්ධති දෝෂයක් හේතුවෙන් සිදුවූ ඒවා නොවන බවයි ලංකා බැංකුව සඳහන් කරන්නේ.
අදාළ ගනුදෙනු සඳහා නිවැරදි ඔන්ලයින් බැංකු ගිණුම් පිවිසුම් තොරතුරු සමග ලියාපදිංචි දුරකථන අංකයට යොමු කරන ලද එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP) මගින් සත්‍යාපනය සිදුකර තිබූ බවද බැංකුව පවසනවා.
මේ අතර, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපෑල, WhatsApp, සමාජ මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාර්ගයක් ඔස්සේ ලැබෙන සැකසහිත හෝ නාඳුනන සබැඳි ක්ලික් කිරීමෙන් වළකින ලෙස බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම, පරිශීලක නාමය, මුරපදය, OTP, PIN අංකය, කාඩ්පත් තොරතුරු හෝ වෙනත් කිසිදු රහස්‍ය බැංකු තොරතුරක් තෙවන පාර්ශ්වයකට ලබා නොදෙන ලෙසද දැනුම් දී තිබෙනවා.
ගනුදෙනුකරුවන්ගෙන් මුරපද, PIN අංක හෝ OTP කිසිදු අවස්ථාවක දුරකථන ඇමතුම්, පණිවුඩ, විද්‍යුත් තැපෑල, සමාජ මාධ්‍ය හෝ සබැඳි හරහා ඉල්ලා නොසිටින බව ලංකා බැංකුව අවධාරණය කරනවා.
සැකසහිත සන්නිවේදනයක් ලැබී ඇත්නම් හෝ තම බැංකු තොරතුරු අවදානමකට ලක්වී ඇති බවට සැකයක් පවතින්නේ නම්, වහාම ලංකා බැංකුවේ නිල සන්නිවේදන මාර්ග ඔස්සේ බැංකුව දැනුවත් කරන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා.
නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා ලංකා බැංකුවේ නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසද බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට