ලංකා බැංකුවේ ඩිජිටල් බැංකු පහසුකම් හරහා සිදුකළ ඇතැම් ගිණුම් ගනුදෙනු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා පිළිබඳව ලංකා බැංකුව (BOC) පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
එම ගනුදෙනු බැංකුවේ බැංකු පද්ධති හෝ ඩිජිටල් බැංකු යෙදුමට සිදුවූ කිසියම් අනවසර ඇතුළුවීමක්, ආරක්ෂක බිඳවැටීමක් හෝ පද්ධති දෝෂයක් හේතුවෙන් සිදුවූ ඒවා නොවන බවයි ලංකා බැංකුව සඳහන් කරන්නේ.
අදාළ ගනුදෙනු සඳහා නිවැරදි ඔන්ලයින් බැංකු ගිණුම් පිවිසුම් තොරතුරු සමග ලියාපදිංචි දුරකථන අංකයට යොමු කරන ලද එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP) මගින් සත්‍යාපනය සිදුකර තිබූ බවද බැංකුව පවසනවා.
මේ අතර, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපෑල, WhatsApp, සමාජ මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාර්ගයක් ඔස්සේ ලැබෙන සැකසහිත හෝ නාඳුනන සබැඳි ක්ලික් කිරීමෙන් වළකින ලෙස බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම, පරිශීලක නාමය, මුරපදය, OTP, PIN අංකය, කාඩ්පත් තොරතුරු හෝ වෙනත් කිසිදු රහස්‍ය බැංකු තොරතුරක් තෙවන පාර්ශ්වයකට ලබා නොදෙන ලෙසද දැනුම් දී තිබෙනවා.
ගනුදෙනුකරුවන්ගෙන් මුරපද, PIN අංක හෝ OTP කිසිදු අවස්ථාවක දුරකථන ඇමතුම්, පණිවුඩ, විද්‍යුත් තැපෑල, සමාජ මාධ්‍ය හෝ සබැඳි හරහා ඉල්ලා නොසිටින බව ලංකා බැංකුව අවධාරණය කරනවා.
සැකසහිත සන්නිවේදනයක් ලැබී ඇත්නම් හෝ තම බැංකු තොරතුරු අවදානමකට ලක්වී ඇති බවට සැකයක් පවතින්නේ නම්, වහාම ලංකා බැංකුවේ නිල සන්නිවේදන මාර්ග ඔස්සේ බැංකුව දැනුවත් කරන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා.
නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා ලංකා බැංකුවේ නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසද බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
අද කාලගුණ නිවේදනය
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙති
අදට යෙදෙන බිනර පොහොයෙහි ඇති වැදගත්කම
පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පිපිරී 7ක් රෝහලේ
ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදුවල වෙනසක්
චාමර සම්පත්ගේ ලේකම් යළි රිමාන්ඩ්
ශිරාන් බාසික්ගේ පියා යළි රිමාන්ඩ්
22ට කථානායකවරයාගේ සහතිකය
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්න්දයෙන් සම්මතයි
නොවැම්බර් 1 වැනිදා සිට සේවා රැසකට TIN සහතිකය අනිවාර්ය කෙරේ
ග්‍රාම නිලධාරීවරයෙකුට පැනවූ බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි