වෙනත් වසරවලට සාපේක්ෂව වෙසක් පොහොය දිනය නිමිත්තෙන් පවත්වන දන්සල්හි විශාල අඩුවීමක් මෙවර අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
දන්සල් පැවැත්වීම ගැන ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත කිසිවකුත් දැනුම් දී නොමැති බවද හෙතෙම කීවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේද කීවේය.
“මෙවර වෙසක් දන්සල් ගැන අපෙන් විමසීම් කරන්නෙ නැති තරම්. බොහෝමයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලට මෙතෙක් දන්සල් ගැන දැනුම් දී නැහැ. මේ නිසා මෙවර දන්සල් විශාල වශයෙන් අඩුවෙයි කියා බලාපොරොත්තු වෙනවා. දන්සල් පවත්වන්න බලාපොරොත්තු වෙනවා නම් සුපුරුදු පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් ලිඛිතව ඒ ගැන දැනුම් දෙන්න. ඒ ගැන දැනුම් දුන් පසු අපි එතැනට ගිහින් ස්ථාන පරීක්ෂා කරලා අවශ්‍ය උපදෙස් දෙනවා. දන්සල් පවත්වන දිනයන්හිත් ඒ ඒ ස්ථාන පරීක්ෂා කරන්නත් ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් බලාපොරොත්තු වෙනවා” යැයිද හෙතෙම කීවේය.


සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
සලේ උපවාසය අත්හරී
ශ්‍රී ලංකා රුපියල හුස්මක් ගනී
වත්කම් – බැරකම් ප්‍රකාශ භාර දීමේ කාලය දීර්ඝ කරයි! ඒ ගැන ඔබ දැන සිටිය යුතු ම කරුණු 6ක්!
මාව නිදොස් කොට නිදහස් කරන්න! සරණගෙන් වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්!
සමාජ මාධ්‍ය කැළඹූ දන්සල් පොළිමේ පහරදීමේ සිද්ධියට අදාළ සිඟිති පාතාලේ 5ක් කොටු
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි! 14ක් ජීවිතක්ෂයට!
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට නව මුහුණක්
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
මල් නෙලීමට ඔරුවකින් ගිය පාසල් සිසුන් සිව් දෙනෙක් වනාතවිල්ලුව මංගලපුර කලපුවේ ගිලී ජීවිතක්ෂයට