හෙට්ටිපොල කරගහගෙදර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් කුඩා බිලිඳෙක් ඇතුලු 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ (03) රාත්‍රී ජිප් රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
හෙට්ටිපොල දෙසට ධාවනය වූ ජිප් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රී රෝද රථයක ගැටීමෙන් එම ත්‍රී රෝද රථය පෙරලී ගොස් යතුරුපැදියක ගැටී තිබෙනවා.
ජිප් රථය තවදුරටත් ඇදී ගොස් මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ද ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
එම අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා, එහි පිටුපස අසුනේ සිටි කාන්තාවක් සහ තවත් අයෙක්, ජිප් රථයේ ගමන් කළ 4 දෙනෙක් මෙන්ම යතුරුපැදිය පැදවූ පුද්ගලයා, එහි ගිය කාන්තාවක් සහ මාස 8ක කුඩා බිළිඳෙක් ඇතුලු 10 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
ඔවුන් ඇතුලත් කෙරුණේ කුලියාපිටිය රෝහලටයි.
එහිදී යතුරුපැදියේ ගමන් කළ කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඇය වයික්කාල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්. අනතුරට සම්බන්ධ ජිප් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.


වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගත් හේතූව එළියට! යෝෂිතගේ නමත් ගෑවෙයි!
රේගුවෙන් වාර්තාගත ආදායමක්
යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් උසාවියෙන් විසිකරලා
සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ 43ක් වංචා කළ 23 හැවිරිදි සැකකරුවෙක් දැලේ
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
අද අව් – වැසි තත්ත්වය
ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්
කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
සලේ CIDයට මුරපද නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි
අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට
පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් පිරිසකට වැඩ වරදී