තනතුර අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රජයෙන් නව නිල නිවසක් ලබා දී ඇති අතර කොළඹ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි එම නිවසේ ඔහු මේ වන විට පදිංචිව සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
ඔහු රටින් පළා ගොස් නැවත පැමිණීමෙන් පසු රජයෙන් දුන් බෞද්ධාලෝක මාවතේ නිවස නිතර ඝෝෂාකාරී බැවින් ඔහු එම නිවසට අකමැතිවී ඇති අතර මෙම තත්ත්වය සළකා අදාළ නව නිවස ලබා දි ඇති බව සඳහන් වේ.
රාජපක්ෂ මහතා, අලුතින් පදිංචි වූ ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිවස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාට වෙන් කර නිවස බවද පැවසේ.
ඔහු සමඟ එකඟතාවයෙන් නව නිවස රාජපක්ෂ මහතාට ලබා දී ඇති බවද වාර්තා වේ.
විදේශ අමාත්‍ය අලි සබ්රි, ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥයා වන අතර ඔහු දේශපාලනයට කැඳවූයේ ද හිටපු ජනාධිපතිවරයා ය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා හා ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ ද එම නිවසට ආසන්නයේ ය.


ලාෆ්ස් ගෑස් මිල දැනෙන අගයකින් පහළට
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට රටවල් රැසක නියෝජිතයින් පැමිණෙයි
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ආණ්ඩුකාරයාගේ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි
2025 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ලිට්රෝ ගෑස් මිල පහළට
වසන්ත කරන්නාගොඩට ඇප
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වසාදැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්
2027 අයවැය ඇස්තමේන්තු සැකසීම ඇරඹෙයි
රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහට අධිකරණයෙන් අද දුන් නියෝගය