සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටකර තිබේ.
ඊයේ (26) රාත්‍රීයේ කාලයේ කාත්තා හා පිරිමි පුද්ගලයින් පිරිසක් එලෙස හඟුරන්කෙත පොලිස් ස්ථානයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය විසින් සිදුකරන විමර්ශන පිළිබඳ දැනුවත් කර තිබිය දීද එම පිරිස කලහකාරීව හැසිරී ඇති අතර, තවදුරටත් ප්‍රකෝප වූ පිරිස් පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව පෙරළා පොලීසිය තුළට ඇතුළුවීමට උත්සාහ දරා ඇත.
එම විරෝධතා කණ්ඩායමක් විසුරුවා හැරීමට හඟුරන්කෙත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අනතුරු ඇඟවීමේ වෙඩි 38ක් අහසට තබා තිබෙන බව වාර්තා වෙනවා.
හඟුරන්කෙත පොලිස් වසමේ දියතිලකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පහරදීමකින් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (25) මියයෑමේ සිදුවීමකට අදාළව හඟුරන්කෙත පොලීසිය මඟින් විමර්ශන සිදුකර පහරදීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් 8දෙනෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කරමින් සිටිය දී ඊයේ රාත්‍රීයේ අදාළ පිරිස මෙලෙස කලහාකාරී ලෙස හැසුරුණු බව පොලීසිය සඳහන් කරයි.


පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි