කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරය ඉදිරිපිට දී 2019 වසරේ නොවැම්බර් මස පළමු වනදා නිතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට පහරදුන් සිද්ධියේ අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.
සිද්ධිය සමථයකට නියමිතව අධිකරණය හමුවේ ඊයේ කැඳවනු ලැබුවා.
සැකකාර මන්ත්‍රීවරයා අසනීප බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා අධිකරණය හමුවේ ඊයේ (12) දැනුම් දුන් අතර සැකකාර මන්ත්‍රීවරයාගේ ඇපකරු නඩුව කැඳ වූ අවස්ථාවේ දී විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකාර මන්ත්‍රීවරයා ට මහේස්ත්‍රාත් වරයා වරෙන්තු නිකුත් කර තිබුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ යන අයට පහර දීමක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළව නඩුව කැඳ වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මියගිය ගිය බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියා.
ඒ අනුව ඉදිරි දින ඒ මහතාගේ මරණ සහතිකය ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොල්ලුපිටිය පොලීසියට නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධියේ දෙවන සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ නඩුව කැඳවන අවස්ථාවේ දී විවෘත අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
එමෙන්ම මහේස්ත්‍රාත් වරයා, එම සිද්ධිය නීතිපති උපදෙස් සදහා ලබන නොවැම්බර් 18 වැනිදා කැඳවීමට නියෝග කළා.


පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි