පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබෙනවා.
මානව හිමිකම් කොමිසම විසින් මෙම දැනුම්දීම සිදු කර ඇති අතර ඒ සඳහා සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය 30 වැනි දා පැවති මානව හිමිකම් කොමිසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාව පිළිබඳ දීර්ඝ ලෙස සමාලෝචනයක නිරත වී තිබුණා.
එහිදී පැමිණිලි පාර්ශ්වය ප්‍රකාශ කර ඇත්තේ, එම වාර්තාවේ සඳහන් ප්‍රශ්න ගණනට වඩා වැඩි සංඛ්‍යාවක් විභාගය පැවැත්වීමට පෙර පිටවී ඇති බවයි.
නමුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවට අනුව, විභාගයට පෙර පිටව ඇත්තේ, ප්‍රශ්න 3ක් පමණක් බව මානව හිමිකම් කොමිසම සඳහන් කරනවා.
ඒ අනුව, පැමිණිලි පාර්ශ්වයේ නිරීක්ෂණ ලබාදීමෙන් පසු 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කරන බව මානව හිමිකම් කොමිසම පවසා තිබෙනවා.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද වෙනනම පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි