දස වන පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස පත්වූ අශෝක සපුමල් රන්වල මහතාගේ ජීව දත්ත සහ අධ්‍යාපන සුදුසුකම් තවමත් පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කර නැහැ.
මින් පෙර පත්වූ කතා නායකවරුන්ගේ ජීව දත්ත එම වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායකවරයා ලෙස අශෝක සපුමල් රන්වල මහතා පත් වුණේ, පසුගිය නොවැම්බර් 21 වෙනිදාය.
ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයෙකු වන ඔහු, මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 109,332ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ හය වන ස්ථානයට පත් විය.
අශෝක රන්වල මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු උපාධිධරයෙක් බවත් ඔහු ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇති බවත් පසුගිය දිනවල පුවත් වාර්තාවල දැක්වුණි.
නමුත් නව කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ උපාධිය සම්බන්ධයෙන් රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ වෛද්‍ය ආචාර්ය කුමාර කළුආරච්චි මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පැහැදිලි කිරීමක් ඉල්ලීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ මෙම කතාබහ නිර්මාණය විය.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි