Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගාසා තීරයෙහි පිහිටි අවසන් රෝහලටද එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරය

1 week ago 1.5 K

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීන වැසියන්ගේ සංඛ්‍යාව පනස් එක් දහසට ආසන්න වී ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙනවා.

ඔවුන් පවසන්නේ, මේ වනවිට ගාසා හි පවතින අවසන් පුර්ණ ක්‍රියාකාරී රෝහල වෙත ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බවයි.

එම ප්‍රහාරය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලැබූ පලස්තීන රෝගීන් සහ තුවාල ලැබූවන් 200කට ආසන්න පිරිසක් ගොඩනැගිලිවලින් ඉවත් කිරීමට ද පලස්තීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

රෝහල් බලධාරීන් ප්‍රකාශ කරන්නේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ දරුවෙකු ඉන් ඉවත් කිරීම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය වසර එක හමාරක කාලය තුළ පැවැති ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර සටනේදී ගාසා තීරයේ ඉදි වූ රෝහල් 34කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබෙනවා.

රෝහල්වලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට එම ආයතන ආරක්ෂා කිරීමට පිහිටුවා තිබෙන ජාත්‍යන්තර ආයතන පවා මෙම ප්‍රහාරවලට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම පුදුමයට කරුණකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *