ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීන වැසියන්ගේ සංඛ්‍යාව පනස් එක් දහසට ආසන්න වී ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙනවා.
ඔවුන් පවසන්නේ, මේ වනවිට ගාසා හි පවතින අවසන් පුර්ණ ක්‍රියාකාරී රෝහල වෙත ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බවයි.
එම ප්‍රහාරය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලැබූ පලස්තීන රෝගීන් සහ තුවාල ලැබූවන් 200කට ආසන්න පිරිසක් ගොඩනැගිලිවලින් ඉවත් කිරීමට ද පලස්තීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
රෝහල් බලධාරීන් ප්‍රකාශ කරන්නේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ දරුවෙකු ඉන් ඉවත් කිරීම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය වසර එක හමාරක කාලය තුළ පැවැති ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර සටනේදී ගාසා තීරයේ ඉදි වූ රෝහල් 34කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබෙනවා.
රෝහල්වලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට එම ආයතන ආරක්ෂා කිරීමට පිහිටුවා තිබෙන ජාත්‍යන්තර ආයතන පවා මෙම ප්‍රහාරවලට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම පුදුමයට කරුණකි.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි