ණය කාඩ්පතක් ලබාගැනීමේදී ද (Credit Card) බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අංකය අනිවාර්ය කිරීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
ඉකුත් 2023 වසරේ මැයි මාසයේ දී රජය විසින් ගැසට් නිවේදනයක් මඟින් දැනුම් දුන්නේ වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගයෙකුම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගතයුතු බවයි.
එම ගැසට් නිවේදනයට අනුව 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහ 2024 වසරේ ජනවාරි මස පළමුවැනිදායින් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වන පිරිස ටින් අංකය අනිවාර්යයෙන් ලබාගත යුතුය.
ඒ අනුව වාහනයක් ලියාපදිංචි කිරීමේදී, වාහනයක් වෙනත් අයකුට පැවරීමේදී, ඉඩමක් ලියාපදිංචි කිරීමේදී, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී, සමාගමක කොටස් හුවමාරුවේදී ටින් අංකය අනිවාර්ය කෙරෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වනවිට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද මිලියන 10 කට ටින් අංක නිකුත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා සඳහන් කළා.
එමෙන්ම තවත් මිලියන 07 ක් ටින් අංක ඉල්ලුම් කළයුතුව තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි