බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.
මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ