Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම බලා සිටින කොළඹ පුරපති තෝරන සටනට දින නියම වෙයි

1 year ago

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මෙම ඡන්ද විමසීම පවත්වනු ලබනවා.

කිසිඳු තනි පක්ෂයකට සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව තිබේ.

මේ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ඡන්ද විමසීමේදී සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 48 දෙනෙක් තේරී පත් විය.

සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ.

මේ හේතුවෙන් කොළඹ නගර සභාවේ පාලන බලය ගැනී සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය දැඩි තරගයක නිරතව සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *