කැනඩාවේදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ශ්‍රී ලාංකිකයෙකු ප්‍රංශයට පිටුවහල් කිරීමට කැනේඩියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.
මෙලෙස පිටුවහල් කිරීමට නියෝග කර ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව කියන “ප්‍රසන්නා නල්ලලිංගම්” හෙවත් ‘අජන්තන් සුබ්‍රමනියම්‘ නැමැති පුද්ගලයායි.
මොහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී කැනඩාවේ ටොරොන්ටෝ හිදී අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රංශයේ පැරිස් නුවර සිදුවු ගැටුමකට අදාළවයි.
2021 වසරේ දී ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටි මොහු නීතිවිරෝධීව අමෙරිකාව, ප්‍රංශය සහ කැනඩාව යන රටවල රැඳී සිට අතර මෙරට සිදුවු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ කිහිපයකට ද අවශ්‍යව සිටි අයෙකු බව සඳහන්ය.
2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතන සිද්ධියක සැකකරුවෙකු වන මොහු ටොරොන්ටෝ හිදී පසුගිය දෙසැම්බර් මාසයේ අත්අඩංගුවට ගෙන මේ දක්වා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ
කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි