Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල ගණන් සංශෝධනය වෙයි

9 months ago

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් එළැඹෙන ජුනි 01 වැනිදා සිට ප්‍රතිශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ප්‍රතිශෝදනය කිරීම සඳහා පසුගිය මැයි මස 23 වැනි දින පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරය කභා රැස්වීමේදි පැවැත්විණි.

එහිදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොව කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආහාර සඳහා අයකරනු ලබන ගාස්තුව ප්‍රතිශෝදනය කර ඇති අතර ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ත් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් අය කිරීමට තීරණය කර තිබේ. 

තවද පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන ගරු මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට මෙහිදී කාරක සභාව විසින් තීරණය කර ඇත. 

මෙම මිල ගණන් ප්‍රතිශෝධනය කිරීම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සපයනු ලබන ආහාරවල පිරිවැය ආවරණය කිරීම සම්බන්ධව භාණ්ඩාගාරය විසින් කරනු ලබන නිර්දේශ පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරනු ලබන ඉල්ලීම මත වසර තුනකට වරක් ගනු ලබන තීරණයක් බවද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර තිබේ.  

මෙම ගෘහකාරක සභාව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයන්ගෙන් සංයුක්ත වන කාරක සභාවකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *