දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාට අයත් රුපියල් කෝටි 10ක පමණ වටිනා දේපොළ අද (28) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කරනු ලැබීය.
ඊට ඇඹිළිපිටිය මහ රෝහල ආසන්නයේ පිහිටි තෙමල් ගොඩනැගිල්ලක්, චන්ද්‍රිකා වැව ඉදිරිපිට පිහිටි හෝටලයක් ඇතුළු දේපළ ඇතුළත් බව සඳහන්.
මෙම දේපළ අදාළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වීම හේතුවෙන් අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කර තිබේ.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (29) වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ