Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කරයි! බදු සතියේදී කරන්න යන දේ මෙන්න!

1 year ago

“අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යන තේමාව ඔස්සේ ජූනි (02) සඳුදා උදේ 9.30ට බදු ශක්ති – ජාතික බදු සතිය වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් යූ.ඩී. එන් ජයවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති  බදු ශක්ති – ජාතික බදු සතිය පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රටේ බදු ආදායම ඉහළ නැංවීමට ප්‍රවේශයක් ලෙස බදු සතිය ක්‍රියාත්මක කරන බවත් ජනතාව තුළ බදු ගෙවීමට ඇති  වී ඇති අසුබ වාදි ආකල්පය සුබවාදී ආකල්පයක් බවට පරිවර්තනය කිරිමත් බදු ක්‍රමයේ ඇති විනිවිදභාවය සහ වගවීමෙන් යුක්ත නව බදු සංස්කෘතකියක් ඇති කිරීමත් යන ප්‍රධාන කාරණා අරමුණු කරගනිමින් මෙය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

ජනතාව ගෙවන බදු මුදල් රටේ සංවර්ධනයටදායක වන්නේ කෙසේද? එම බදු මුදල්වලින් අපේ රටේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද ?  යන කරුණු මුල් කරගෙන බදු සතිය තුළදී ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත්  එම දැනුවත් කිරීම් තුළින් බදු අනුකූලතාවය ඉහළ නැංවීමට සහ ප්‍රධාන වශෙයෙන් බදු පදනම පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කර්යාලය යටතේ  බිහි කළ ආදයම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යංශයයේ නිලධාරින් සහ  මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව අපේ රටේ බදු ආදායමේ 90% කට දායකත්වය ලබා දෙන  ප්‍රධාන දෙපාර්තමේන්තු වන දේශිය ආදායම් ,රේගු සහ ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තු 03 න එකතු වී රජයේ බදු ආදායම  ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කිරීමටත් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමත් සිදු කරන බව ඒ මහතා පැවසිය.

බදු  යනු බලෙන් ලබා ගත නොහැකි දෙයක් බවත් ජනතාව තමන් ගෙවිය යුතු බදු කොටස නිසි වේලාවට ගෙවා ඒ බදු මුදලට අදාළ වාර්තා නිසි වේලාවට ලබා ගෙන අදාළ දෙපාර්තමේන්තුවලට භාර දි බදු  අනුකූලතාවය ඉහළ නැංවීම කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් බදු ශක්ති වැඩසටහනේදී ජනතාව දැනුවත් කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අපේ රට සංවර්ධන කරා යන ගමනේදි ජනතාව ගෙවන බදු මුදල් නිසි ආකාරව ඒ සඳහා යොමු වන අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්තුමා , බදුවලට යටත් වන අපේ රටේ ජනතාවට සහ බදු සඳහා ලියාපදිංචි නොවු පිරිස්වලට තමන් ඒ බද්ධට යටත්වෙනවා නම් ලියාපදිංචි වී තමන්ගේ වගකීම ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *