Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රවේශම්වන ලෙස දැනුම්දීමක්! රෝග දෙකක් වසංගත මට්ටමක!

11 months ago

ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ මෙම රෝග දෙකම බෝ කරනු ලබන්නේ එකම මදුරුවාගෙන් බවය.

වෛද්‍යවරයා තවදුරටත් පවසා සිටියේ රෝග දෙකෙහිම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දී බොහෝදුරට සමානයි බවය.

මේ අතර අද පැවති කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බවය.

පවතින අධික වර්ෂාවත් සමඟ මේවන විට ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ 23,300කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2009 වසරෙන් පසු චිකුන්ගුන්යා රෝගීන්ද වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *