බහුතරය නොමැති පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා පවත්වන ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදෙන උපදෙස් වලට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බව දන්වා සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලිපි යැවීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
බහුතරය නොමැති ආයතනවල ප්‍රධානීන් පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීම විවෘත ඡන්දයක්ද එසේ නොමැති නම් රහස් ඡන්දයක් දැයි පළමුව සියලු මන්ත්‍රීවරුන් අත ඔසවා ප්‍රකාශ කළ යුතු අතර එහිදී සජබය තීන්දු කර ඇත්තේ විවෘත ඡන්ද වීමසීමක් පැවැත්විය යුතු බවටය.
රජය රහස් ඡන්දයක් ඉල්ලා සිටින අතර රහස් ඡන්ද විමසීමක දී වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට රජය අදහස් කර ඇත.
මේ නිසා තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විවෘත ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට සජබය නියම කර තිබේ.
ඒ සමගම පක්ෂය නම් කරන සභාපති හෝ පුරපති අපේක්ෂකයාට සහාය ලබා දිය යුතු බවටද සජබය තේරිපත් වූ සියලු මන්ත්‍රීවරුන්ට ලිපි මගින් උපදෙස් දී ඇති අතර එම නියෝග තඩ කරන සියලු මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පවත්වන බවද දැනුම්දී ඇත.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට