වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද විවිධ පාර්ශව මගින් සිදුකරන පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා (11) පවත්වා තිබෙනවා.
පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය , ඖෂධ නියාමන අධිකාරිය , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ වෙළෙඳපොළේ ප්‍රසිද්ධ සබන් නිෂ්පාදකයන්ද සහභාගි තිබෙනවා.
එහිදී සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළඳරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්යය කිරීම යනාදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
වෙළෙඳපොළේ සාධාරණ තරගයක් තුළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දී පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබුණා.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්