Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අල්ලස් ගත් පොලිසියේ දෙදෙනෙකුට වැඩ වරදී

1 year ago

අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධව චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙක්.

වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරදරයකින් තොරව සිදු කිරීමට සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා අදාළ නිලධාරීන් දෙදෙනා එම පුද්ගලයාගෙන් රුපියල් 25,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ලද පැමිණිල්ලක් මත අදාළ පොලිස් සැරයන්වරු දෙදෙනා අල්ලස් කොමිසම විසින් අල්ලස් මුදල් ඉල්ලීම සහ භාර ගැනීම මෙන්ම එයට අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *