Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ගේ තවත් වැඩක් එළියට! විහාරස්ථානයක නම විකුණා ලක්ෂ සිය ගණනක් පෞද්ගලික ගිණුමකට එකතු කරන්!

1 year ago

අයථා ලෙස වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ඊයේ (26) අල්ලස් කොමිසමට කැඳවා තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

අල්ලස් කොමිසම අධිකරණයට පැවසුවේ, අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියකට අදාළව දූෂණ විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවය. 

සැකකරු පානදුර, පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සඳහා තම බිරිඳගේ නමින් පවතින ගිණුමකට රැස්කළ මුදලින් ලක්ෂ 350කට ආසන්න මුදලක් සැකකරු අයථා ලෙස පරිහරණය කර ඇති බවත් මෙහිදී විමර්ශන නිලධාරින් කියා සිටියේය.

පිළිම වහන්සේ නිර්මාණය සඳහා මුදල් රැස්කරන බවට වූ දිවුරුම් ප්‍රකාශය ලබාගෙන ඇත්තේ එම විහාරස්ථානයේ රෝගීව සිටී හිමිනමකගෙන් පිළිම වහන්සේ නිර්මාණය සඳහා මුදල් රැස්කරන බවට වූ දිවුරුම් ප්‍රකාශය ලබාගෙන ඇති බවත්, උන්වහන්සේ එම අත්සන යොදාඇත්තේ, එය කියවා බැලීමකින් තොරව බවත් අධිකරණයේදී අනාවරණ වී තිබේ.

මෙහිදී සැකකාර ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන කියා සිටියේ, තම සේවා දායකයාට සේවා කාලය තුළ වාහන බලපත්‍ර හතරක් පමණ ලැබී ඇති අතර ඒවා විකිණීමෙන් මුදල් උපයාගෙන ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරියව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

(source – adaderana)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *