මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට අත්අඩංගුවට ගත් සැකකාරියක් හා සැකකරුවෙකු විසින් එම ජාවාරමෙන් උපයාගත් බවට සැළකෙන මුදලින් මිලදී ගත් දේපළ තොගයක් මුදල් විශූද්ධිකරණ පනත යටතේ ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
අදාළ සැකකරු හා සැකකාරිය ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් හා සැකකාරිය වයස අවුරුදු 45ක් වන බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
එම සැකකරුවන්ගේ තහනමට ලක් කර ඇති දේපොළ වන්නේ,
කඳාන ප්‍රදේශයේ පිහිටි සිව් මහල් නිවසක්
බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙස් දෙකක්
බොරැල්ල, කොළඹ 08 පිහිටි තෙමහල් නිවසක්
ජපන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය
වැගන් ආර් වර්ගයේ මෝටර් රථය
මෙම සැකකරු හා සැකකාරිය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්