Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපති රනිල්ගෙන් අනාවැකියක්

11 months ago

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත ‘විකල්ප මඟ’ කෘතිය කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගිය දා රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැන්වීය.

එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ලෝක බල අරගලය ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළද බල හුවමාරුවකට තුඩු දිය හැකි බවයි.

ලෝකය බල අරගලයක් තුළින් ගමන් කරන අවදානම් වකවානුවක සිටින බව පැවැසූ හිටපු ජනාධිපතිවරයා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

“ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාර දියත් කළේ ඉරානය පරමාණුක බල ශක්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි.

ඉරානය ශ්‍රී ලංකාවට ද උදවු උපකාර කර ඇති මොහොතක වත්මන් ආණ්ඩුව පෙනී නොසිටීම කණගාටුවට කරුණක්. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා.

ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැඟී සිටිනවා. එම බලවේගය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය බ්‍රික්ස් ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන්ගෙන තිබෙනවා.

එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමඟ අපි ගමන් කළ යුතු යි.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *