2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් අද (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ.
ඒ හෙට දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි තත්ත්වයක් හටගනු ඇති බවට පළවී ඇති අනාවැකියක් හේතුවෙනි.
මෙම අනාවැකිය පළ වී ඇත්තේ 1999 දී මංගා කලාකරු රියෝ ටැට්සුකි විසින් රචිත ප්‍රහසන කෘතියකට අනුව මේ කටකතා පැතිරෙමින් ඇත. 2021 දී නිකුත් කරන ලද නව සංස්කරණයක දී, ඊළඟ විශාල භූමිකම්පාව හෙට දිනයේ සිදුවනු ඇති බවට ඇය අනාවැකි පළ කර තිබේ.
එහි සදහන් වන පරිදි, ජපානය සහ පිලිපීනය අතර සාගර පතුලේ හටගන්නා බිඳීයාමක් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය ඇතිවන අතර එය 2011 වසරේ ජපානයට බලපෑ සුනාමි තත්ත්වය මෙන් තුන්ගුණයක් විශාල එකක් විය හැකි බව සඳහන් වුණි.
2011 දී විශාල සුනාමියක් ඇති කළ භූමිකම්පාවෙන් පුද්ගලයින් 18,000 කට අධික පිරිසකට ජීවිත අහිමිවිය.
මෙම අනාවැකිය සම්බන්ධයෙන් ජපානය, හොංකොං, තායිවානය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවල සමාජ මාධ්‍යජාල තුළ මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙවන් පසුබිමක දකුණුදිග ජපාන කලාපයට අයත් තොකෝරා දූපතේ පසුගිය ජූනි 21 වැනිදා රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් පසුව ගෙවුණු දෙසතියක කාලය තුළ එම දූපත පසුකම්පන 900කට වැඩි සංඛ්‍යාවකට මුහුණදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපානය භූමිකම්පා වලට ගොදුරු වීමේ වැඩිම අවදානමක් ඇති රටවලින් එකකි, මන්ද එය පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇති අතර එහිදී බොහෝ භූ තැටි හමුවෙයි. එහි සෑම වසරකම භූමිකම්පා 1,500 ක් පමණ සිදු වේ.

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ