පවතින වියළි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉහළ මට්ටමක පවතින බව එම මණ්ඩලය පැවසුවේ.
මෙම තත්වය හමුවේ පානීය ජල සැපයුම සීමා සහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සමසේ බෙදාහැරීය යුතු බව ද කියන ජල සම්පාදන මණ්ඩලය එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට ජලය භාවිතා කිරීම අවම කර අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන ලෙස ද සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් ඇති වූ විට පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදාහැරීමේදි අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවත් වියළි හා අයහපත් කාලගුණික තත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදුවී තිබෙන දුෂ්කරතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව ප්‍රකාශ කරන බව ද වැඩි දුරටත් සඳහන් කරයි.

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ