සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගය කඩුළු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
ශ්‍රී ලංකා පිලේ ආරාධනයට අනුව පළමුව පන්දුවට පහරදීමට පල්ලේකැලේ ක්‍රීඩාපිටියට පැමිණි බංග්ලාදේශ පිල කඩුළු 5ක් දැවී ලකුණු 154ක් රැස්කර ගත්තේය.
බංග්ලාදේශ පිල වෙනුවෙන් පර්වේස් හුසෙයින් ලකුණු 38ක් රැස්කර ගත් අතර, මොහොමඩ් නයිම් නොදැවී ලකුණු 32ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.
ඒ අනූව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 155ක ඉලක්කයක් හිමි වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පැතුම් නිශ්සංක පන්දු 16කදී ලකුණු 42කට දැවී ගිය අතර විශිෂ්ඨ ඉනිමක් දියත් කල කුසල් මෙන්ඩිස් පන්දු 51කදී ලකුණු 73ක් රැස්කර ගත්තා.
කුසල් මෙන්ඩිස් මෙලෙස වාර්තා කළේ සිය පන්දුවාර විස්ස ක්‍රිකට් ඉතිහාසයේ 16 වන අර්ධ ශතකයයි.
සිය අර්ධ ශතකය රැස් කිරීමට මෙන්ඩිස්ට වැය වූයේ පන්දු 31ක් පමණක් වන අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හතරේ පහර 3ක් අන්තර්ගත විය.
ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා ලකුණු 24ක් රැසකර ගැනීමට සමත් වූ අතර ඒ අනූව පන්දු වාර 19ක් තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 159ක් රැසකර ගනිමින් ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!