මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (12) සවස් කාලයේ මෙම අනතුරු සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා හාරිස්පත්තුව ප්රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා කොන්ත්රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටියදී එම ගොඩනැඟිල්ලේ 03 වන මහලින් මෙලෙස ඇද වැටී ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.
මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මහනුවර පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.

රැකියා සඳහා විදේශ ගතවීම පහළට
මහ බැංකු අධිපතිගෙන් මුළු රටටම සුබ පණිවිඩයක්
‘මොන්තා’ සුළිකුණාටුව හෙට ඉන්දියාවට! ලංකාවටත් අනතුරු ඇඟවීම්!
පොලිස්පතිගෙන් ආන්දෝලනාතමක අනාවරණයක්
ආණ්ඩු පෙරළන ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට අවුලක්! සජබය මත දෙකක!
පොලිස් සැරයන්වරයාට මරු කැඳ වූ අනතුර
දකුණු ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්රීඩකයා රුමේෂ් තරංග
රන්මිල ගැන බාබා වැන්ගා කියූ අනාවැකිය පිළිබඳව ලොව පුරා අවධානය යොමුවෙයි
වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු ඇල්ලූ බුද්ධි නිළධාරියාගේ සුපිරි ක්රියාන්විතය
ඉන්දියාවට කරට කර සටනක් ලබා දුන් ශ්රී ලංකාවට අනුශූරතාවය හිමිවෙයි
ලූවර් කෞතුගාරයේ සොරකමට දෙදෙනෙක් අල්ලයි
අද කාළගුණ නිවේදනය