අවසන් පාලනයන්ට වඩා මේ මැතිවරණයෙන් පත්වූ රජය යහපත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඔහු මේ අදහස් දැක්වූයේ, කැලණිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමින් ඔහු මෙසේද පැවසීය:
” මේ රජයේ ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයා යම්කිසි කාර්ය භාරයක් සිදුකරනවා. නමුත් තවම සාධාරණ සාර්ථක දෙයක් මෙතෙක් දුරට පාතාලයේ ක්‍රියාකාරකම් නවත් වන්නට කෙරිල නැහැ. මේ දිනවල මරා ගැනීම් තියෙන්නේ මූලිකවම මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාපාරය හරහායි. මත්ද්‍රව්‍ය අපේ සමාජයට පිළිලයක් වෙලා. ආරක්ෂක ලේකම් කම ගන්න කිව්වට මම පිළිගන්නේ නැහැ.
ලේකම්ලා ඉන්නේ මෙහෙයුම් කරන්න නොවේ. ලේකම්ලා අමාත්‍යාංශ වල විගණන නිලධාරී හැටියට ඉන්නේ. කොහොමටත් මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් නිසා රජයේ තිබෙන පිළිවෙළ අනුව ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් රඳවලා තිබෙන්නේ ඇමතිවරු සිටින ස්ථානයේ. මේ වැඩේ කාට වුණත් කරන්න නම් මේ වැඩේ ගැන වග කීමක් පැවරෙන්න ඕනා.
පුරෝහිතලාට මේ වැඩේ කරන්න බැහැ. මේ රටේ තිබුණ පාලනයට වඩා මේ පාලනය හොඳයි. අපේ යම්කිසි අංශ වලින් පසුබෑම් තිබෙනවා. අපට බඩගින්නේ ඉන්න වුණත් හොරකම්, මැරකම්, දුෂණ, නවත්වනවා නම් ඒකෙන් රටට යහපතක් වෙනවා. මේ වන විට රජයේ යම් කිසි උත්සාහයක් ගනිමින් තිබෙනවා හොරකම වංචාව දුෂණය නවත්වන්න.
අපේ රටේ සම්පත් අවභාවිතකළ අය හිර ගෙවල් වලට යනවා අපි දකිනවා. මේ ක්‍රමය සාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම රටට විශාල ශක්තියක් වේව්. අපි සංස්කෘතියක් හැටියට සාර්ථක වෙයි. පළමුවෙන්ම හොරු ඇල්ලීම සිදු විය යුතුයි. ඒක නැතුව මොනවා කළත් වැඩක් නැහැ.” යැයිද පවසා සිටියේය.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා