Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුදු වෑන් රථයකින් පැහැරගත් පාසල් සිසුවා පැන දිවි බේරා ගනී

1 year ago

කහතුඩුව ප්‍රදේශයේදී පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු සුදු පැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පැහැරගත් මෙම සිසුවා රත්නපුර ප්‍රදේශයේදි වෑන් රථයෙන් පැන දිවි බේරා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පෙරේදා පස්වරුවේ මෙම සිසුවා අමතර පන්තියකට සහභාගී වී සඳහා පා පැදියෙන් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් මග හරස්කොට මෙම සිසුවා පැහැරගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් වෑන් රථයේ සිටි පිරිස රත්නපුර පැලැන්වාඩිය ප්‍රදේශයේ වෙළඳ සැලක් අසල වෑන් රථය නතර කර තිබූ අවස්ථාවේදි සිසුවා ඉන් පලාවිත් තිබෙනවා.

ඒ අනුව, වෑන් රථයකින් පැහැරගත් කුඩා දරුවෙකු රත්නපුර කැටන්දොල නිව් පැලැන්වාඩිය ප්‍රදේශයේ ආපනශාලාවක් අසල සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පුද්ගලයකු ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව රත්නපුර පොලීසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් විසින් එම දරුවා පොලීසිය භාරයට ගෙන ඇත.

දරුවා පැහැර ගැනීමට පැමිණි කණ්ඩායම සොයා ගැනීම සඳහා CCTV ඔස්සේ කහතුඩුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසිය සඳහන් කළේ මෙම සිසුවා පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *