මෙරට වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා පැවසුවේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගී තත්ත්වයන් වකුගඩු රෝගයට ප්‍රධාන හේතූන් වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා,
“දැන් වකුගඩු රෝග තත්ත්වය කොච්චර බරපතළද කියනවානම් හැම වැඩිහිටියෝ 10 දෙනෙකුගෙන් එක් අයෙක් වකුගඩු රෝගියෙක් කියලා අපි හිතන්නේ. අපිට මතක් වෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව ඒ වගේම කතරගම පළාත්වල අපි දැකපු ජල ආශ්‍රිතව හඳුනා නොගත් වකුගඩු රෝගය ඒක තමයි 2005 – 2015 අතර අපේ තිබුණු මූලික ප්‍රශ්නය නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. දැන් තත්ත්වය දියවැඩියාව සහ අධි රුධිර පීඩනය නිසා තමයි වකුගඩු රෝගය මූලිකවම බිහිවෙන්නේ. නමුත් අපි දකිනවා යම්කිසි අඩුවීමක් වියලි කලාපය තුළ සිටින රෝගීන්ගේ හඳුනා නොගත් වකුගඩු රෝගීන්. මම හිතන්නේ හැම ගෙදරකම රෝගීයෙක් නැත්නම් ඒක පුදුමයක් වගේ තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඉන්න දියවැඩියා රෝගීන්ගේ හැටියට අපි මේ ඉන්න හැමෝගෙම හතරෙන් එක්කෙනෙක්ට දියවැඩියාව තියෙනවා. ඉතින් ඔතනින් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට තියෙනවා.”

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි