යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හයවෙනි විෂය ලෙස ඉතිහාසය විෂය එක් කරන්නැයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (25) පැවති සාකච්ඡාවකදීයි.
එම සාකච්ඡවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු දුෂ්‍යන්ත මහබදුගේ මහතා පැවසුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ යෝජනාවලියක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි.
එමෙන්ම, දරුවන්ට එල්ලවන පීඩනය අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මගින් විද්වත් කමිටුවක් පත්කර, එම කමිටුව මගින් ලබාදෙන නිර්දේශ මත 2028 වර්ෂයේ සිට ශිෂ්‍යත්ව විභාගය සංශෝධන කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම හමුවේදී පවසා තිබෙනවා.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි