වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට කැමැත්ත දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඒ සදහා අයදුම්පත් කැදවා තිබේ.
මේ සදහා අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සලකා බැලීමක් සිදු නොකරන බව සඳහන්.
වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරණ සිසුන්ට වසර දෙක අවසානයේ දී දේශියව සහ ජාත්‍යන්තරව පිළිගත් NVQ 4 සහතික පත්‍රයක් ලබා දේ.
2024 හෝ 2025 යන වසර වල අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසු දරුවන්ට තම ප්‍රදේශයේ තිබෙන වෘත්තීය විෂය ධාරාව උගන්වන ඕනෑම පාසලකට අයදුම් කළ හැකි ය.
සංචාරක සහ ආගන්තුක සත්කාර, මෝටර් රථ වාහන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා රැකවරණ සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය, රූපලාවන්‍ය, කලා සහ අත්කම්, ආහාර නිෂ්පාදනය, වෙල්ඩින්, කෘෂිකර්මාන්ත, වැවිලි කර්මාන්ත ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණුව සදහා සිසුන්ට අවස්ථාව හිමි වේ.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වීමේ අයදුම් පත්‍රය, අයදුම් කළ හැකි පාසල් ලේඛනය, වෘත්තීය පුහුණුව ලැබිය හැකි ක්ෂේත්‍ර ඇතුළු තොරතුරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ විශේෂ දැන්වීම් යටතේ යටතේ පළ කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගයේ සමත්/ අසමත් භේදයකින් තොර ව සිසුන්ට දහතුන් වසරක අධ්‍යාපනය සහතික කිරීමේ අරමුණෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙම විෂය ධාරාව ක්‍රියාත්මකයි.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට