Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනප්‍රිය නිළියක් හා සැමියා අත්අඩංගුවට?

1 year ago

ප‍්‍රසිද්ද රංගන ශිල්පිනියක් හා ඇගේ සැමියා රුපියල් ලක්ෂ 35කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් වීමට නියමිත බව වාර්තා වේ.

පානදුර ප්‍රදේශයේ ප්‍රකට පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරයෙකු විසින් මේ සම්බන්ධයෙන් පානදුර විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර ඇත. අදාළ අධ්‍යක්ෂවරයා සහ නිළි යුවළ අතර හඳුනාගැනීමක් එම රෝහලේම වෛද්‍යවරයකු විසින් සිදු කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

එම යුවළ ඉවතලන කුඩා වීදුරු බෝතල් අපනයනය කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව පවසා ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට රුපියල් 3,611,248ක් ලබාගෙන ඇත. මෙම මුදල 2023 අගෝස්තු 08 සිට සැප්තැම්බර් 05 දක්වා කාලය තුළ වරින් වර ලබාගෙන ඇත. මුදල් ලබාගෙන ආපසු නොගෙවීම හේතුවෙන් අධ්‍යක්ෂවරයා විසින් මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

මෙම නිළිය මීට පෙරද වරක් පුද්ගලයන් විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක් වී ඇත. එම අවස්ථාවේදී නිවසින් පලා ගොස් සිට පසුව අධිකරණයට භාර වී ඇප ලබාගෙන ඇති අතර, අදාළ නඩුව මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

දේශපාලන වේදිකාවල පවා පෙනී සිටි බව කියන මෙම නිළිය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

(source – lankacnews)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *