මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ දේශපාලනඥයින්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නන්දන ගුණතිලක මහතා පෙරේදා (02) සිය ෆේස්බුක් ගිණුමේ තර්ජනාත්මක සටහනක් තබා තිබුණි.
එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවීම හේතුවෙන් සිය රැකියාව ද අහිමිවූ බවයි.
මෙම තත්ත්වය තුළ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමාට ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති බව ඔහු පවසා තිබුණා.
එම නිසා එවැනි යෝජනාවක් සම්මත කරගත හොත්, එය සම්මත කරන පිරිස්වලට විපාක විඳීමට සිදුවනු ඇති බවට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තර්ජනාත්මක ප්‍රකාශයක් පළ කර තිබුණි.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා,
“ජනාධිපතිවරණයට කලිනුත් කිව්වා, මහ මැතිවරණයට කලිනුත් කිව්වා. ජීවත්වෙන්න දේශපාලනය කරන්න නෙමෙයි රටක් තියෙන්න ඕනේ. ලෝකේ කොහෙවත් මෙහෙම පහසුකම් නෑ. ජනාධිපතිවරු විශ්‍රාම ගියාම ඒ ජනාධිපතිවරු නඩත්තු කරන්න ඇයි තවදුරටත් ජනතාවට භාර දෙන්නේ. ජනතාවට බරක් වෙන්න. රටේ ජනතාවට තියා ගන්න බැරුව උතුරලා ගිහිල්ලා නෑ. තවමත් අපේ රටේ මිනිස්සු අන්ත දුක්විදින ප්‍රදේශ තියෙනවා. ඒ නිසා මේ ජනතා මුදලින් නඩත්තුකරන ඒක අපි නවත්වනවා. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ඒ වෙනුවෙන් හදාගත්ත නීති වෙනස් කරනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අපි අහෝසි කරලා දානවා. ජනතාවට තියෙන කාලෙට මේ අයටත් හම්බෙයි. නැතුව තම තමන්ට පනත් හදාගෙන ජනතාවට බර පටවන එක සාධාරණ නෑ. අපි ඒක ඡන්දෙට කලිනුත් කිව්වා අපි ඒක ක්‍රියාත්මක කරනවා.
දේශපාලනය තමන්ගේ ජීවත්වෙන මාර්ගය කරගන්වා නම්, ඒ දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරපු ව්‍යාපාරයක්. ඒ නිසා කාටහරි මරාගෙන මැරෙන්න දෙයක් නෑ. එක නැතුව ජීවත් වෙන විදියක් නැතිනම් අපි අස්වැසුම දෙන්නම්. අස්වැසුමට ලියන්න. අස්වැසුමක් හදාගත්ත හැකියි.”

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්