Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තලංගමදී විදෙස් ජාතිකයින් 11ක් අත්අඩංගුවට

11 months ago

අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08ක් හා සැකකාරියන් 03ක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (04) රාත්‍රී කාලයේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී පරිගණක හා ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08 දෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු ජංගම දුරකථන 20ක්, ලැප්ටොප් පරිගණක 03ක් හා ටැබ් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකාරියන් අවුරුදු 22, 30 හා 43 යන වයස්වල හා සැකකරුවන් අවුරුදු     25, 26, 27 හා 29 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් වේ. 

තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *