Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහත් ආන්දෝලනයක් ඇති කළ අදානි සමාගමේ ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ මන්නාරමේ ඉඩම් ගැන රජය ගත් තීරණය

11 months ago

ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයින්ට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

ඊයේ (15) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ආචාර්ය කුමාර ජයකොඩි මහතා,

“මන්නරාම් දූපතේ කොටස් දෙකක් තිබුණා එකක් මෙගාවෝට් 250ක් සහ පුනරීන්වල මෙගාවෝට් 234ක් විදිහට. ඒකෙන් එගොල්ලෝ ඉවත් වුණා. අපි කල්පනා කරන්නේ නැවත අවශ්‍යතාවය මත ටෙන්ඩර්වලට ගිහිල්ලා ටෙන්ඩර් හරහා ඒ අයට ප්‍රධානය කරන්න. එතැනදි අදානි සමාගමට හෝ ඕනෑම සමාගමකට ඉදිරිපත් වෙන්න පුළුවන්. සාර්ථකත්වය සහ අඩුම මිල ගණනකට තමා අපි දෙන්නේ…”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *